කාන්තා මරණ ඉහලට



අයි.එස් ත්‍රස්තවාදීන්ට එරෙහිව සිරියාවේදි සහ ඉරාකයේදී එක්සත් ජනපදය සහයලත් ඒකාබද්ධ සන්ධානය එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් මැයි මාසයේදී සැලකිය යුතු ප්‍රමාණයකින් කාන්තාවන් සංඛ්‍යාවක් මියගොස් ඇති බව බ්‍රිතාන්‍ය පදනම් කර ගත් යුධ කටයුතු පිළිබඳ නිරීක්ෂණ කණ්ඩායමක් වන එයාර්වෝ සංවිධානය ප්‍රකාශ කළේය. 

ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් මැයි මාසය තුල අවම වශයෙන් කාන්තාවන් 57 ක් සහ ළමයින් 53 දෙදෙනෙක් මියගොස් ඇති බව එම සංවිධානය පෙන්වා දෙනවා.

2014 වර්ෂයේදි අයි.එස් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් ආරම්භ වීමෙන් පසු මාසයක් තුල වාර්තා වු දෙවන ඉහලම මරණ සංඛ්‍යාව  බව එම සංවිධානය ප්‍රකාශ කළේය.

සිරියාවට සහ ඉරාකයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් මැයි මාසය තුල අවම වශයෙන් 348-521අතර ප්‍රමාණයක පුද්ගලයින් සංඛ්‍යාවක් මියගොස් ඇති බව නිරීක්ෂණ සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන් පුවත් ඇසුරෙනි) 

 


RECOMMEND POSTS