කාන්තා පාපන්දු තරඟාවලිය ඇරඹෙයි



සෞදි අරාබියේ ජෙඩ්ඩා නුවර කාන්තා පාපන්දු තරඟාවලියක් ප්‍රථම වතාවටආරම්භ වී ඇති බව වාර්තා වේ.

කාන්තා පාපන්දු තරඟවලිය ඔක්තෝබර් 04 දින ජෙඩ්ඩා නුවරදී ආරම්භ වී ඇති අතර කාන්තා කණ්ඩායම් හයක් සහභාගි වී ඇත.

ද ස්ටෝම්, ජෙඩා ඊගල්ස්, කිං යුනයිටඩ්, වයිට් ලයන්, ජෙඩා වේව් සහ මිරාස් එම කාන්තා කණ්ඩායම් හය වේ.

ජෙඩා කාන්තා ලීගය සෞදි ප්‍රජා ක්‍රීඩා සම්මේලනය සමඟ එකට එකතු වී කාන්තා පාපන්දු තරඟාවලිය සංවිධානය කරනු ලබයි.

දෙසැම්බර් 6 වෙනිදායින් අවසන් වන පාපන්දු තරඟාවලියේ තරඟ විනිශ්චය කිරීම සඳහා සෞදි කාන්තා විනිසුරුවරියන් යොදවා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ජෙඩ්ඩා නුවර)

RECOMMEND POSTS