කාටවත් හොඳක් නෑ



ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, ලෝකයේ බලවත් රටවල් ඉරානය සමඟ ඇතිකරගත් එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත්වීම හරහා කිසිවකුටවත් වාසියක් අත් නොවන බව ඔස්ට්‍රියාව කියයි.

මේ බව කියා සිටියේ ඔස්ට්‍රියා චාන්සල්වරයා වන සෙබෙස්තියන් කෘස්ය.

ඉරානය සමඟ 2015 දී පොදු එකඟතාවක් ඇති කරගත් රටවල් වන්නේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, චීනය, රුසියාව, ජර්මනිය සහ ප්‍රංශයයි.

එවකට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමාය. එය වෙනස් කරමින් ඇමෙරිකාව එකඟතාවෙන් ඉවත් කර ගත්තේ වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS