ක්‍රීඩිකාවෝ සුවිශේෂි දක්ෂතා අතරට



සාජා නුවර පැවැත්වෙන අරාබි කාන්තා ක්‍රීඩා ශූරතාවලියේදි බහරේන් කාන්තා කණ්ඩායම සුවිශේෂි දක්ෂතා අතරට පැමි‍ණෙමින් රන්පදක්කම් හතක්, රිදී සහ ලෝකඩ පදක්කම් හය බැගින් දිනාගැනීමට සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

පළමු දිනයේදීම පදක්කම් හයක් (රන්පදක්කම් තුනක්, රිදි පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් දෙකක්) දීනාගැනීමට බහරේන් ක්‍රීඩිකාවන් සමත් වී ඇති බව වාර්තා වේ.

මේ වනවිට සමස්ථ පදක්කම් සංඛ්‍යාව දහනවය (රන්පදක්කම් 07ක්, රිදී සහ ලෝකඩ පදක්කම් 06) දක්වා වැඩි කරගැනීමට බහරේන් ක්‍රීඩිකාවන් සමත් වී ඇත.

 

පදක්කම් ලබාගත් තරඟ ඉසව් කීපයක්:

කාන්තා මීටර් 100 තරඟය -බහරේන ක්‍රීඩිකාවටතප්පර 12.25ක්ද, ඕමාන ක්‍රීඩිකාවටතප්පර 12.54ක්ද, එමිරේට්ස් ක්‍රීඩිකාවටතප්පර 13.30කින් නිමකරමින් පිළිවලින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වී ඇත.

කාන්තා මීටර් 400 තරඟය -ඇල්ජිරියානු ක්‍රීඩිකාවටතප්පර 59.09ක්ද, එමිරේට්ස් ක්‍රීඩිකාවටවිනාඩි 1.01ක්ද, බහරේන් ක්‍රීඩිකාවටවිනාඩි 1.01කින් නිමකරමින් පිළිවලින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වී ඇත.

කාන්තා මීටර් 4x100 තරඟය - බහරේන ක්‍රීඩිකාවටතප්පර 50.89ක්ද, ඇල්ජීරියානු ක්‍රීඩිකාවටතප්පර 51.04ක්ද, ඕමාන ක්‍රීඩිකාවටතප්පර 52.47කින් නිමකරමින් පිළිවලින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වී ඇත.

කාන්තා මීටර් 800 තරඟය - බහරේන ක්‍රීඩිකාවටවිනාඩි 2.9ක්ද, ඇල්ජීරියානු ක්‍රීඩිකාවටවිනාඩි 2.16ක්ද, කුවේට් ක්‍රීඩිකාවටතප්පර විනාඩි 2.20ක්ද කින් නිමකරමින් පිළිවලින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වී ඇත.

කාන්තා මීටර් 5000 තරඟය - ඇල්ජීරියානු ක්‍රීඩිකාවටවිනාඩි 17.50ක්ද, බහරේන ක්‍රීඩිකාවටවිනාඩි 17.53ක්ද, කුවේට් ක්‍රීඩිකාවටතප්පර විනාඩි 20.12ක්ද කින් නිමකරමින් පිළිවලින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වී ඇත.

බහරේන් - කුවේට් පැසිපන්දු කණ්ඩායම් සමඟ පැවති තරඟය 76-66කින් ජයග්‍රහණය කිරීමට බහරේන් කණ්ඩායම සමත් විය. 

මීටර් 25 වායු රයිෆල් අංශයෙන් තරඟයට සහභාගි වු බහරේන් ක්‍රීඩිකාව දැක්වු දක්ෂතා හේතුවෙන් ඇය පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇති බව වාර්තා වේ.

පැවති වෙනත් තරඟ ඉසව් කීපයකින්ද බහරේන් ක්‍රීඩිකාවන් දක්ෂතා අතරට පැමිණීමට සමත් වී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS