ක්‍රීඩකයෝ ආපසු ඇවිල්ලා



ලෝක කුසලාන පා පන්දු තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන තරගවලට සිරියානු ජාතික පා පන්දු කණ්ඩායම ද ඉදිරිපත් වන අතර, එරට පවතින ගැටුම් සහ දේශපාලන අර්බුද හේතුවෙන් රටින් පිටව ගොස් සිටි පා පන්දු ක්‍රීඩකයෝ දෙදෙනෙක් යළි සිරිාවට පැමිණ සිටිති.

ඔවුන් ෆිරාස් අල් කටීබ් සහ ඔමාර් අල් සෝමා යන දෙදෙනාය.

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ඔවුන් දෙදෙනා උණුසුම් ලෙස පිළිගත් අතර ජාතික කණ්ඩායම වෙනුවෙන් සකස් කළ ටී ෂර්ට් පිරිනැමීම ද සිදු කළේය.

මෙම ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේ සිරියානු රජයේ මාධ්‍ය අංශය විසින් බව ද පැවැසෙයි. අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සමත් වීමත් සමඟ සිරියාව කෙමෙන් කෙමෙන් සාමකාමී තැනක් බවට පත් වෙමින් පවතින බව වාර්තා වේ.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS