ක්‍රිස්තියානි පල්ලියකට මුස්ලිම් ස්වෙච්ඡා කණ්ඩායමක්



අයි.එස් ත්‍රස්තයින් විනාශ කරන ලද ඉරාකයේ මොසූල් නගරයේ පිහිටා ඇති ක්‍රිස්තියානි පල්ලියක් අලුත්වැඩියා කර දීම සඳහා මුස්ලිම් ස්වෙච්ඡා කණ්ඩායමක් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

අල්-අරාබි ප්‍රදේශයේ සිටින මුස්ලිම් තරුණ පිරිස් මෙම කාර්‍ය සඳහා දායකත්වය ලබා දෙන අතර ශාන්ත ජෝර්ජ් පල්ලිය පසුගිය වසර වන තෙක්ම අයි.එස් ත්‍රස්තයින්ගේ පාලය යටතේ පැවතිනි.

පල්ලියේ ශිඛර ගෝලාර්ධයට සහ ජනේල් වලට දැඩි ලෙස අලාභ හානි සිදුකර ඇති අතර පල්ලියේ සවිකර තිබු කුරුසය ත්‍රස්තවාදීන් විනාශ කර දමා ඇත.

2014 පසු පාස්කු උත්සවය මෙම වසරේ මුල් භාගයේදී පැවැත්වූ බව අයර්ලන්ත ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරිනි


RECOMMEND POSTS