ක්‍රියාකාරීන් වහා නිදහස් කරන්න



අත්අඩංගුවේ පසුවන මානව ක්‍රියාකාරීන් වහා නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ කමිටුවක් සෞදියෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම කර ඇත්තේ වධහිංසන පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවය.

සෞදි රජය, රජයට විරෝධය දක්වන ක්‍රියාකාරීන් නඩු විභාග නොපවත්වා බන්ධනාගාරගතකර ලිංගික වධබන්ධනයන්ට ලක් කරනවා යැයි දිගින් දිගටම චෝදනා එල්ල වෙන බව විශේෂ කමිටුව පෙන්වා දී ඇත.

වධහිංසන පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුව මේ වනවිට සෞදි රජයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත. ඒ, සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතන සිදුවීම සම්බන්ධයෙනි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS