කළගුණ දත් බහරේන් විදේශ ඇමතිවරයා



ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.....

බහරේන විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් කලීඩ් බින් අහමද් අල් කලීෆා මහතා  සහ පවුලේ සැම තම නිවසේ වසර විසි එකක් පුරා සේවය කළ ඉන්දීය ගෘහසේවිකාව හමුවීමේ අපූරු පුවතක් අද (28) වාර්තා විණි.

බහරේන විදේශ අමාත්‍යවරයා විසින් මෙම හමුවීම සම්බන්ධයෙන් සිය ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවියට ඇයත් සමඟ සිනහා මුසු මුහුණින් යුතුව සිටින පින්තූරයක් එක් කළේය.

එම  පින්තූරය එක් කරමින් බහරේන් විදේශ ඇමතිවරයා සඳහන් කර සිටියේ ‘‘මාත් එක්ක මේ පින්තුරේ ඉන්නේ ආදරය ,අවංකභාවය ,සහ පක්ෂපාතිභාවය එකට එක් කරන් අපිත් එක්ක අවුරුදු 21 ක් පුරා සිටිය ලයිලා. ලයිලාව බලන්න ඉන්දියාවේ කේරළයේ කොල්ලාම් හි පිහිටි ඇයගේ නිවසට ,පවුලේ අපි හැමෝම ගියා.ඇය ආදර්ශවත් සේවිකාවක් .

බහරේන විදේශ ඇමතිවරයා ගේ මෙම ක්‍රියාව ඉන්ස්ට්‍රග්‍රෑම් අනුගාමිකයින් බොහෝ පිරිසක් අගයමින් අදහස් පළ කර තිබිණි.මානුෂීය ගුණ සපිරි දේශපාලනඥයෙක් වශයෙන් බොහෝ දෙනා එමඟින් අදහස් දක්වා තිබිණි.

 

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS