කශෝගී ගැන ඇත්ත නැත්ත



තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ දී ඝාතනයට ලක් වුණු ජමාල් කශොග්ජී සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පැවැසෙයි.

තුර්කි ජනාධිපතිවරයා කශොග්ජී සම්බන්ධයෙන් මෙම විශේෂ ප්‍රකාශය කරනු ඇත්තේ ඔහුගේ පාලක පක්ෂය වන ‘ඒ​කේ පක්ෂයේ’ සාමාජිකයන් හමුවෙද්දීය.

එහිදී ​කශොග්ජීගේ ඝාතනය සම්බන්ධයෙන් තුර්කි බලධාරීන් එක් කරගත් සියලු විස්තර තුර්කි ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

කශොග්ජී ඝාතනය කෙරැ​ණේ ඔහු සෞදියේ සල්මාන් කුමරු විවේචනය කළ නිසා යැයි තුර්කිය පවසා ඇත.

සෞදිය පවසා ඇත්තේ ජමාල් කශොග්ජී රණ්ඩුවකට පැටැලී ජීවිතක්ෂයට පත් වුණු බවය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS