කශොග්ජීගේ පුතාට ඇමතුමක්



සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසී රජු සහ ඔහුගේ පුතු ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු, ඝාතනයට ලක් වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ගිගේ පුත‍්‍රයා වන සාලාහ් ජමාල් කශොග්ගීට දුරකතන ඇමතුමක් දී ශෝකය පළ කර ඇති බව මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

කශෝගීට පළමු විවාහයේ දරුවන් සිවුදෙනෙකි. සල්මාන් බින් අබ්දුල්ලාසී රජු සහ සල්මාන් කුමරුන් සොව පළ කරමින් ඇමතුමක් දී ඇත්තේ වැඩිමල් පුතු සාලාහ් ජමාල් කශොග්ගීට යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සෞදි ජාතිකයකු වුණු ජමාල් කශොග්ජී උපත ලබා ඇත්තේ 1958 වසරේ ඔක්තෝබර් 13 වැනිදා සෞදියේ මදීනා නුවරදීය. මොහු ඇමෙරිකන් පුරවැසියෙකි. වොෂින්ටන් පෝස්ට් ඇමෙරිකන් පුවත් සේවයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ කශොග්ජී, සෞදියේ ඔයුන්න හිමි සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කරමින් පුවත් වාර්තා කළ අයෙකි.

ඝාතනයට ලක් වන අවස්ථාව වෙද්දී කශොග්ජී, ආචාර්ය උපාධිය හදාරමින් සිටින 36 හැවිරිදි තරුණියක වන හටීජේ ජින්ගිස් සමඟ විවාහ වීමට සූදානමින් සිටියේය. හටීජේ ජින්ගිස් තුර්කි ජාතික තරුණියකි. මොවුන් දෙදෙනා එකිනෙකා හමුවී, ආදර කිරීමට පටන් ගෙන ඇත්තේ පසුගිය මැයි මාසයේ සිටය. ඒ, තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවැති සම්මන්ත‍්‍රණයකට දෙදෙනා සහභාගී වුණු අවස්ථාවේදීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS