කශොග්ජී ඝාතකයන්ට සමාව දෙන්න



තම පියා මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතකයන්ට සමාව දෙන්නැයි ජමාල් කශොග්ජීගේ පුතකු වන සාලා කශොග්ජී සිය ට්විටර් ගිණුම හරහා ඉල්ලීමක් කර ඇත.

සාලා කශොග්ජී මෙම ඉල්ලීම කර ඇත්තේ කශොග්ජී පවුලේ අය වෙනුවෙනි. ඒ, රාමදාන් සැමරුමට සමගාමීවය.

ජමාල් කශොග්ජී සෞදි මාධ්‍යවේදියකු වූ අතර ඔහු සෞදි රජයේ, විශේෂයෙන් සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ උදහසට ලක් වූ අයෙකි.

මරණ තර්ජන එල්ල වුණු බැවින් ජමාල් කශොග්ජී ජීවත් වූයේ ඇමෙරිකාවේය. 2018 වසරේ තුර්කියේ සෞදි කොන්සල් කාර්යලයට ගිය අවස්ථාවේදී කශොග්ජී මරා දැමුණි. ඝාතනය සිදුවූයේ සල්මාන් කුමරුන්ගේ උපදෙස් අනුව යැයි චෝදනා එල්ල විය.

(අල් ජසීරා)


RECOMMEND POSTS