කශොග්ජී ඝාතකයන්ට වන්දි ගෙවන්න වෙනවා



මාධ්‍යවේදී ජමාල් කශොග්ජිගේ ඝාතකයන්ට නිසි දඬුවම් හිමිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි.

තුර්කි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ පරීක්ෂණ වාර්තාව මුල්කොට ගනිමිනි.

ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියකු ද වූ ජමාල් කශොග්ජී ඝාතනය සෞදියේ මැදිහත්වීමෙන් සිදුවූයේ, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදීය. ඉන්පසු සිදු කළ පරීක්ෂණවලදී තුර්කි ජනාධිපතිවරයාගේ සහාය ද නොඅඩුව හිමිවිය.

ඝාතනය සිදුවූයේ සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අණ පරිදි යැයි පැවැසෙයි. කශොග්ජී, සල්මාන් කුමරු විවේචනය කරමින් පුවත් ලියූ අයෙකි. පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන අන්දමට, කශොග්ජී ඝාතනය සිදුවූයේ සල්මාන් කුමරු සහ සෞදි රජයේ ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම සහ මැදිහත්වීම මතය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS