කලින් අලුත් කර ගන්න



සෞදි අරාබියේ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ගේ හැඳුණුම්පත් කල් ඉකුත්වීමේ දිනයට ප්‍රථමයෙන් අලුත් කරගන්නා ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

අදාල දිනයෙන් පසුව අලුත් කිරීමේදි සෞදි රියාල් 500ක දඩ මුදලක් අය කරගන්නා අතර දෙවන වතාවට එම වරද සිදුකළහොත් එම දඩය සෞදි රියාල් 1,000 ක් වන බව නිවේදනයේ සඳහන් කර ඇත.

කල්ඉකුත්වීමේ දිනය නිවැරදිව පරීක්ෂා කරන ලෙසත් දින තුනකට පෙර හැඳුණුම්පත අලුත් කරගන්නා ලෙස අමාත්‍යාංශය විදේශ ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS