කලාපීය අර්බුද ගැන එකඟතාවක්



කලාපීය අර්බුද ගැන පොදු එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් අරාබි රටවල් 5 ක විදෙස් ඇමැතිවරු ජෝර්දානයේදී හමුවී සාකච්ඡා පැවැත්වූහ.

හමුව පැවැත්වූයේ ජෝර්දාන විදේශ ඇමැති අයිමාන් අල් සෆාදිගේ ප්‍රධානත්වයෙනි. හමුවට රැස්ව සිටි විදේශ ඇමැතිවරු පස් දෙනා සෞදිය, කුවේටය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව නියෝජනය කළහ.

කලාපීය අර්බුද සාකච්ඡා කිරීම සහ අභියෝග ජය ගැනීම සම්බන්ධයෙන් මෙම හමුව පැවැත්වූයේ මළ මුහුද ආශ්‍රිත හුසේන් බින් තලාල් රජුගේ නමින් නම් කළ සම්මන්ත්‍රණ ශාලාවේදීය.

(අල් ජසීරා ඇසුරිනි)


RECOMMEND POSTS