කලාපයේ ආරක්ෂාවට තර්ජනයක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ අනුව ඉරානයේ කුද්ස් බළඇණියේ මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ඝාතනය කිරීම මගින් මැදපෙරදිග කලාපයේ ආරක්ෂාවටත් ස්ථාවරත්වයටත් තර්ජනයක් එල්ල වී ඇති බව තුර්කිය කියයි.

ඇමෙරිකාව සහ ඉරානය අතර අර්බුදය දැන් මැදපෙරදිග කලාපයට බලපාන අර්බුදයක් බවට පත් වී ඇති බවත්, එය තවත් දුරදිග ගියොත් මුළු ලොවටම එයින් බලපෑම් එල්ල වනු ඇති බවත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ඇමෙරිකන් ප්‍රහාරය හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS