කලාපයේ අභියෝග සාකච්ඡා කරයි



සෞදි ඔටුන්න හිමි කුමරු සහ අබුඩාබි ඔටුන්න හිමි කුමරු අතර කලාපයේ අභියෝග පිළිබඳව සාකච්ඡාවක් පැවති බව වාර්තා වේ.

අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ නියෝජ්‍ය හමුදා ප්‍රධානී, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් මක්කම නුවර අල්-මීනා මාළිගාවේදි සෞදි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල්ලාසිස් හමු වී සාකච්ඡා කර ඇත.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගන්නා ආකාරය, කලාපීය හා ගෝලීය සංවර්ධනයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් රටවල් අතර ඇතිවන ගැටළු විසඳගන්නා ආකාරය පිළිබඳවදඅවධානය යොමු කර ඇත.

සමස්ථ මැදපෙරදිග කලාපයම මුහුණ දෙන අභියෝග, රටවල් දෙක අතර පවතින ඒකාබද්ධ උපායමාර්ග, අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාවයන් පිළිබඳව සමාලෝචනයක් සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS