කයිරෝවෙන් පාරා හිසක් මතුවෙලා



ඊජිප්තුවේ කයිරෝ නුවර මඩවලකින් මිසර පාරාවන් පිලිම කොටස් සොයා ගැනීමට හැකිවුණු බව ඊජිප්තු පුරාවිද්‍යාඥයෝ පවසති.

මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ මට්ටර්යා දිස්ත්‍රික්කයේ හෙලියෝපොලිස් නමැති නගරයෙනි. මෙම නගරය පුරාණ මිසරයේ (ඊජිප්තුව අතීතයේ හැඳින්වූයේ මිසරය යනුවෙනි) කොටසක් විය.

හමුවුණු මෙම පිලිම කොටස් අතරේ පාරාවකුගේ (මිසරයේ රජවරුන්) හිසක අනුරුවක් ද ඇතැයි පුරාවිද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.

මෙම පිලිම අවුරුදු 3,000 ක් පැරැණි බව ද පැවැසෙයි.

අල් ජසීරා ඇසුරිනි

 


RECOMMEND POSTS