කයිරෝවට ඕලන්ද ගුවන් සේවා නවතී.



කේ.එල්.එම්. රාජකීය ඕලන්ද ගුවන් සේවය ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ වෙත කරන ගුවන් ගමන් තාවකාලිකව අත් හිටුවීමට තීරණය කර ඇත.

මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූයේ ඊජ්ප්තු පවුමේ අගය පහත වැටිමත් ඊජිප්තුවෙන් පිටතට විදේශ මුදල් ගෙනයාම සීමා කරමින් මෑතකදී ඊජිප්තු මහ බැංකුව විසින් පනවන ලද සීමා කිරීම් නිසාත් බව එම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමන් කියා සිටියි.

මෙම  තාවකාලික ගුවන් ගමන් අත් හිටුවීම ක්‍රියාත්මක වන්නේ 2017 ජනවාරි 8දා සිට බලපැවෙත්වන පරිදියයි එම ගුවන් සමාගම තව දුරටත් පවසයි. ඒ අනුව ඇම්සටර්ඩැම් නුවරසිට කයිරෝ නගරය බලා කේ. එල්.එම්. ගුවන් යානය අවසන් වරට ගමන් කරන්නේ 2017 ජනවාරි 6දාය. ඕලන්දයේ ඇම්ස්ටර්ඩැම් බලා කයිරෝ නුවර සිට අවසන් ගමන් අරඹන්නේ 2017 ජනවාරි 7දාය.


RECOMMEND POSTS