කයිරෝ පල්ලියක වෙඩි තැබීමක්



කයිරෝ නුවර පිහිටි පල්ලියක් තුල සිදු වු වෙඩිතැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී කීපදෙනෙකු තුවාල ලබා ඇති බව ඊජිප්තු මාධ්‍ය වාර්තා කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

පොලිස් නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී වෙඩි තැබු පුද්ගලයාව වෙඩි තබා ඝාතනය කිරීමට සමත්වු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, කලීඩ් මෙගාඩ් ප්‍රකාශ කළේය.

වෙඩි තැබු පුද්ගලයා සමඟ පැමිණ පලා යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS