කයිරෝ නුවරට ගුවන් ගමන් නවතී



බි‍්‍රතාන්‍ය ගුවන් සේවය, ඊජිප්තුවේ කයිරෝ නුවර තෙක් සිදු කරන ගුවන් ගමන් නවතා ඇතැයි වාර්තා වේ.

බි‍්‍රතාන්‍ය ගුවන් සේවය කියා සිටියේ, ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය. කෙසේ නමුත් ගුවන් සේවය ඒ ගැන වැඩි විස්තරයක් පවසා නැත.

ගුවන් ගමන් නවතා දැමෙද්දී, ලන්ඩනයේ හීත්රෝව් සිට කයිරෝ තෙක් බි‍්‍රතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබුණු බව ද වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS