කප්පම් ගැනීමට පැහැර ගත් කාන්තාව මුදා ගැනේ



එමිරේට්ස් ඩිරාම් 3,000ක මුදල් වංචාවක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු වයස අවුරුදු 42ක ආසියානු කාන්තාවක් පැහැර ගෙන ගොස් ඩුබායි හා අසල්වැසි එමිරේටය අතර මායිමේ පිහිටා ඇති තට්ටු නිවාසයක සිරකරගෙන සිටියදී ඩුබායි පොලීසිය බේරාගත් බව ඩුබායි පොලිස් නිලධාරියකු ප්‍රකාශ කල බව Gulf News වෙබ් පුවත්පත වාර්තා කළේය. 

එම්රේට්ස් ඩිරාම් 3000ක මුදලක් ව්‍යාපාරයක ආයෝජනය කිරීම සඳහා අදාල කාන්තාව පැහැර ගැනීමට සිදු කළ පුද්ගලයින් දෙදෙනා ගෙන් එක් අයකු ගෙන් ලබාගෙන ඇති අතර නැවත එම මුදල ආපසු ලබා නොදීම හේතුවෙන් පැහැර ගැනීමට ලක්වී ඇති බව ඩුබායි අපරාධ පරීක්ෂණ කටයුතු පිළිබද සහකාර පොලිස් ප්‍රධානි, මේජර් ජෙනරාල් කලීල් ඒබ්‍රාහිම් අල්-මන්සූරි ප්‍රකාශ කළේය.

නැවත මුදල් ලබාගැනීමේඅරමුණින් අදාල කාන්තාව පැහැර ගත් පුද්ගලයින් දෙදෙනා ඇයව තට්ටු නිවාසයක කාමරයක් තුලහිරකරකාන්තාවගේ මිතුරියකට දුරකථනයෙන් කථා කර තමන්ව බේරා ගැනීමට එම්රේට්ස් ඩිරාම් 50,000ක මුදලක් රැගෙන එන ලෙසට ප්‍රකාශ කරන ලෙස තර්ජනය කර ඇත.

පසුව ඇය ඇගේ මිතුරියකට දුරකථනයෙන් කතා කර තමන්ව බේරාගැනීමට එම්රේට්ස් ඩිරාම් 50,000ක මුදලක් රැගෙන එන ලෙස පවසා ඇති අතර දුරකථන ඇමතුම ලැබීමෙන් පසු තමාගේ මිතුරිය කරදරයක වැටී ඇති බව දැනගත් මිතුරිය ඒ පිළිබඳව පොලීසියට දුරකථන ඇමතුමක් ලබාදී සිදු වී ඇති දේ ප්‍රකාශ ක ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පිරිසක් වහාම ක්‍රියාත්මක වී ඇයව මුදා ගැනිමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර පැය දෙකක පමණ කාලයක් තුලදී දුරකථන ඇමතුම ලබාදුන් තට්ටු නිවාසය සොයා ගෙන  කාන්තාව සිරකර ගෙන සිටින ස්ථානයට ලඟාවී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ඇයව මුදාගන්නා විට පැහැර ගැනීම සිදු කල පුද්ගලයින් දෙදෙනා ඇයව කඹයකින් බැඳ දමා තිබී ඇත. 

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නීතිමය කටයුතු කිරීම සඳහා අදාල බලධාරීන්ට බාර දී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS