කඳවුරුවලට ප්‍රහාරයක්



සිරියාවේ පිහිටි රුසියානු හමුදා කඳවුරුවලට කුඩා ප්‍රමාණයේ ප්‍රහාරක ඩ්‍රෝනා යානා යොදාගනිමින් ප්‍රහාරයන් මාලාවක් එල්ල කර ඇති බව සිරියාවේ රුසියානු ආරක්ෂක ප්‍රධානියා ප්‍රකාශ කළ බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.

අත්භූත ආකාරයෙන් ප්‍රහාරක ඩ්‍රෝනා යානා පැමිණ ප්‍රහාරයන් එල්ල කර ඇති බවත් එල්ල කළ ප්‍රහාරයන් පිටුපස කවුරුන් සිටිනවාද යන්න තමන්ට සිතාගත නොහැකි බව ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වී ඇති බව වාර්තා වේ.

යුද්ධය ජයග්‍රාහණය කිරීමට රුසියාව සිරියාවට විශාල ලෙස උදව් උපකාර කරන අතර මෙවැනි සිද්ධි වලින් ප්‍රශ්නකාරි තත්ත්වයන්මතුවන බව යුද නිරීක්ෂකයින් ප්‍රකාශ කළ බවඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS