කන්ටේනර් පෙට්ටියක් පෙරැළිලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිදු වු මාරක රිය අනතුරකින් ආසියාතික රියදුරෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

උම් අල්-ක්වේන් නගරයේ ධාවනය වෙමින් තිබු කන්ටේනර් රථයක් කුඩා ප්‍රමාණයේ බස්රථයක් මතට පෙරළි ඇති අතර රියදුරු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත් වී ඇත.

සිවිල් ආරක්ෂක බලකාය පැමිණ කන්ටේනරය ඔසවා මියගිය රියදුරා සහ තුවාල ලැබු රියදුරු සහයකයා  එළියට ගැනීමට කටයුතු කර ඇත.

රියදුරු සහයකයාට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නගරය)

RECOMMEND POSTS