කතුන්ට තනියම ජීවත් වෙන්න අවසර



සෞදි කාන්තාවන්ට තනියම ජීවත් වීම සඳහා නීතියෙන් අවසර ලබාදී ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ඒ අනුව, අවිවාහක, දික්කසාද වූ හෝ වැන්දඹු කාන්තාවන්ට තම පියවරුන්ගේ හෝ වෙනත් පිරිමි භාරකරුවන්ගේ අවසරයකින් තොරව, වෙනම නිවසක, තනියම ජීවත් වීමට නීතියෙන් අවසර ලබාදී ඇත.

වැඩිහිටි අවිවාහක, දික්කසාද වූ හෝ වැන්දඹු කාන්තාවක් ඇගේ පිරිමි භාරකරුට භාර දිය යුතු බව සඳහන් වන ෂරියා නීතියේ 169 වන වගන්තියේ B ඡේදය ඉවත් කිරීමට කටයුතු කරයි.

නව නීතිය අනුව, වැඩිහිටි කාන්තාවකට තමන් ජීවත් විය යුතු ස්ථානය තෝරා ගැනීමට අයිතියක් ලබා දී ඇත අතර, කාන්තාවක් පිළිබඳව කාන්තාවන්ගේ භාරකරුවන්ට පැමිණිළි කළ හැක්කේ ඇය අපරාධයක් සිදු කර ඇති බවට සාක්ෂි ඇත්නම් පමණි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS