කතුන් 17ක් පාඩමක් උගන්වයි



ඩුබායි නුවර සිට ඉන්දියවේ දිල්ලි නුවර දක්වා පියසර කරමින් තිබු ගුවන්යානයක සිටි කාන්තාවන් 17දෙනෙක් පුද්ගලයෙක්ට පහර දී ඇති බව වාර්තා වේ.

ගුවන්යානයේ සිටි පුද්ගලයෙක් නිදාගෙන සිටි කාන්තාවකගේ අනිත් අල්ලා ඇති අතර කාන්තාව අත ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා ඇත.

එම පුද්ගලයා දිගින් දිගටම කරදර කරන්නට පටන් ගෙන ඇති අතර කාන්තාව කෑගසන්නට පටන්ගෙන ඇත.

ගුවන්යානයේ සිටි කාන්තාවන් පැමිණ පුද්ගලයාට පහරදීමට පටන් ගෙන ඇති අතර ගුවන්යානයේ කාර්ය මණ්ඩලය පැමිණ සිද්ධිය සමතයකට පත් කිරීමට කටයුතු කර ඇත.

ලිංගික හිංසා කිරීමේ චෝදනාව මත පුද්ගලයාව දිල්ලි නුවර ගුවන්තොටුපොලේදි අත්අඩංගුවට ගෙන ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS