කතුන් 1,500 ට වැඩි පිරිසක් සේවයට



සෞදි අරාබියේ මක්කම නුවර මහා පල්ලියේ සේවය කිරීම සඳහා කාන්තාවන් 1,500කට අධික පිරිසක් බඳවා ගෙන ඇති බව වාර්තා වේ.

ආගමික වතාවත් සිදුකිරීම සඳහා මහා පල්ලියට පැමිණෙන කාන්තාවන්ට සේවාවන් ලබාදීම සඳහා කාන්තාවන් පිරිස බඳවා ගෙන ඇත.

කාර්මික හා සේවා කටයුතු කටයුතු සඳහා කාන්තාවන් 600 ක් බඳවාගෙන ඇති බව මහා පල්ලිය නිවේදනය කරනවා.

විදුලි වාහන, ජල සම්පාදන ඒකකය, මග පෙන්වීම සහ බුද්ධිමය කටයුතු, පරිපාලන කටයුතු, මහජන සම්බන්ධතා, මාධ්‍ය හා සන්නිවේදනය සහ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව යන අංශවලට ඉතිරි කාන්තාවන් පිරිස සේවයේ යොදවා ඇති බව අරාබි පුවත් සේවය වාර්තා කරනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද්නුවර)

RECOMMEND POSTS