කතට පිරිමි රැවටිලා



ස්නැප්චැට් සමාජ ජාල මෘදුකාංගය භාවිතා කරමින් කාත්තාවක් ලෙස පෙනී සිටිමින් දිනකට එමිරේට්ස් ඩිරාම් පන්සීයක මුදලක් අයකරන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව අබුඩාබි පොලීසිය ප්‍රකාශ කළේය.

සමාජ ජාල ගිණුම්වල පළ කර ඇති ඡායාරූපවලට සහ අදහස්වලට රැවටුනු පුද්ගලයින් මුදල් ලබාදී ඇති බව මුලික විමර්ශනවලදි සොයාගෙන ඇත.

කාන්තාවන්ගේ නම්වලින් සාදන ලද සමාජ ජාල ගිණුම් කීපයක්, ස්මාර්ට් ජංගම දුරකථන කීපයක්, කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප රාශියක් සහ වීඩියෝ කීපයක් සොයාගැනීමට විමර්ශනය සිදුකළ නිලධාරින්ට හැකියාව ලැබී ඇත. 

රහසිගතව සිදුකරන ලද විමර්ශනයකින් පසු කාන්තාවක් ලෙස පෙනි සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වු බව අබුඩාබි අපරාධ පරීක්ෂණ දෙපර්තුමේන්තුවේ අධ්‍යක්ෂ, කර්නල් ජුමා අල්-කාබී ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS