කතක් වේදිකාවට කඩා පනියි



ප්‍රධාන පෙලේ ඉරාක ගායකයෙක් වන, කඩෙම් අල්-සහෙර්ගේ සජිවි ප්‍රසංගයක් අතරතුර අනපේක්ෂිත ආකාරයෙන් කාන්තාවක් වේදිකාව මතට පැමිණ ඇත.

ඉස්තාන්බුල් නුවර පැවති ප්‍රසංගයක ගීතයක් ගායනා කරමින් සිටින අවස්ථාවේ කාන්තාව ගායකයා ලඟට පැමිණ ඇත.

අනපේක්ෂිත ආකාරයෙන් තමන්වෙත පැමිණ කාන්තාවට ඡායාරූපයක් ලබාගැනීමට ඉරාක ගායකයා අවස්ථාව ලබාදී ඇත.

ඉතා සන්සුන්ව තත්ත්වය පාලනය කරගැනීමට ගායකයාසමත් වු බව සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර ඇති වීඩියෝව නැරඹීමෙන් පසු හැඟී යයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඉස්තාන්බුල් නුවර)

RECOMMEND POSTS