කතක් ඇඳුම ගලවා උසාවි යයි



ඩුබායි නුවර සම්බාහන ආයතනයක සේවය කරන ඇල්ජීරියානු කාන්තාවක පරික්ෂකයෙක් ඉදිරියේ ඇඳුම් ඉවත් කිරීම හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. 

ඇල්ජිරියානු කාන්තාව තමන් සේවය ලබා දෙන පුද්ගලයා පරික්ෂකයෙක් බව නොදැන සුපුරුදු පරිදි සම්බාහනය කර ඇති අතර ඩිරාම් 500ක මුදලක් ලබාදෙන්නේ නම් තමන් සමඟ ලිංගිකව එක් වීමට අවස්ථාව ලබාදිය හැකි බව ප්‍රකාශ කර සිය ඇඳුම ඉවත් කර ඇත.

පසුව, ආයතනයේ කළමනාකාරිණියට තම හැඳුනුම්පත පෙන්වා සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර එම අවස්ථාවේදි රහස් පරික්ෂකයාට බැනවැදී ඇත.

ඊජිප්තු සහ ඇල්ජිරියානු කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එක් අයකුට ඩිරාම් 3,000ක දඩමුදලක් නියම කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS