කටාරා ජාත්‍යන්තර ප්‍රදර්ශනය සාර්ථකයි



කුරුලුගොයින් සහ උක්කුස්සන් ප්‍රදර්ශනයට තබමින්, ‘කටාරා විස්ඩම්’ චතුරස්‍රයේ පැවැති කටාරා ජාත්‍යන්තර ප්‍රදර්ශනය ‘ෂායිල්’ ඉතා සාර්ථක ලෙස අවසන් වුණැයි එහි සංවිධායකයෝ පෙන්වා දෙති.

පස් දිනක් තිස්සේ පැවැති මෙම ප්‍රදර්ශනයට නොයෙක් විදියේ කුරුලුගොයින් සහ උකුස්සන් එක් කර තිබුණු අතර උන් දැක බලා ගැනීමට බොහෝ දෙනෙක් පැමිණියහ.

විශේෂ අමුත්තන් ලෙස බල්ගේරියානු තානාපති මෙටින් කසාක්, කටාර් ඉස්ලාමීය කටයුතු පිළිබඳ ඇමැති ගාලිත් බින් මුබාරක් පැමිණ සිටියාහ.
කුරුලුගොයින් සහ උකුස්සන් වෙන්දේසි කිරීම් පවා සිදුවුණු අතර කටාර් රියාල් ලක්ෂ තුනේ සිට ලක්ෂ හත දක්වා මුදල්වලට උන් අලෙවි වුණු බව ද පැවැසෙයි.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS