කටාර් සෞඛ්‍ය ඇමැතිය ප්‍රංශ නියෝජිත හමුවෙයි



මහජන සෞඛ්‍ය කටයුතු පිළිබඳ ඇමැතිනී ආචාර්ය හනාන් මොහ්මද් අල් කුවාරි සහ කටාර්හි ප්‍රංශ තානාපති එරික් චෙවෙලියේ අතර විශේෂ හමුවක් පසුගිය දා පැවැත්විණි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දෙරට අතර පවතින සබඳතා පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්චා පැවැත්විණි. පවතින සබඳතා තව තවත් වර්ධනය කිරීම කෙරෙහි ද වැඩි අවධානයක් යොමු විය.

කටාර් රාජ්‍යය සහ ප්‍රංශය අතර ශක්තිමත් සබඳතා පවතී.

සෞදිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් එක් වී, කටාර් රාජ්‍යය හුදෙකලා කරමින්, සම්බාධක පැනැවීමට කටයුතු කර තිබියදී, කටාර් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හටගත් ගැටළුවලට ප්‍රංශයේ සහාය හිමිවී ඇත.

කටාර් සෞඛ්‍ය ඇමැතිනිය හමුවුණු අවස්ථාවේදී කටාර් තානාපතිවරයා ඇයට පෙන්වා දුන්නේ, ප්‍රංශයේ සහාය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව, අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද නොඅඩුව ලබා දීමට ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්රොන්ගෙන් තමන්f උපදෙස් ලැබී ඇති බවය.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS