කටාර් සිටින ලාංකිකයන් රැකියා නැතිව අමාරුවේ



කොරෝනා හේතුවෙන් රැකියා අහිමිවූ කටාර් රාජ්‍යයේ වෙසෙන ශ‍්‍රීලාංකිකයන් පිරිසකට හැකි ඉක්මනින් එරටින් පිටවෙන්නැයි එරට රජය දන්වා තිබීම හේතුවෙන් තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි එම ඔවුහු විදේශගත ශ‍්‍රීලාංකිකයන්ගේ එකමුතුව නම් සංවිධානය හරහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවෙමින් අද (3) ඉල්ලා සිටියහ.

කටාර් රාජ්‍යයේ කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට පුද්ගලික සහ රාජ්‍ය ආයතන වසා ඇති බවත් ඒවායේ වසර දහය දොළහ පමණ කාලයක් සේවය කළ විදේශ ශ‍්‍රමිකයන් සේවයෙන් ඉවත් කර ඇති බවත් එම ශ‍්‍රීලාංකිකයෝ ඉල්ලා සිටිති.


RECOMMEND POSTS