කටාර් සම්බාධකවලය වසර දෙකයි



ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් චෝදනා කර, සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව එක් වී, සම්බාධක පනවා කටාර් රාජ්‍යය හුදෙකලා කර දෙවසරක් ගත වී ඇත.

සෞදිය සහ සෞදියේ කීමට බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව කටාර් රාජ්‍යයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවමින්, කටාර් රාජ්‍යය හුදෙකලා කළේ 2017 ජූනි 5 වැනිදාය.

එය සිදුවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනපති ධුරයට පත් වී, පළමු විදේශ සංචාරය ආරම්භ කරමින්, සෞදියට ගොස් අරාබි සහ මුස්ලිම් නායකයන් හමුවීමෙන් පසුවය.

සෞදිය ඇතුළු කලාපීය රටවල් එල්ල කරන චෝදනා කටාරය ප්‍රතික්ෂේප කරයි. පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට නම්, තම කොන්දේසි 13 කට යටත් විය යුතු බව සෞදිය පවසා ඇත.

කටාර් රාජ්‍යය කේන්ද්‍රකොට ගත් අල් ජසීරා පුවත් නාළිකාව නැවැත්වීම, කටාර් රාජ්‍යය ඉරානයත් තුර්කියත් අතර පවත්වන සබඳතා නැවැත්වීමත් එම කොන්දේසි 13 න් කිහිපයකි. තුර්කි හමුදා කඳවුරක් කටාර් පවා මේ වනවිට රාජ්‍යයේ ඉදිවෙමින් පවතී.

කෙසේ නමුත් සම්බාධක හමුවේ නොසැලී, ආර්ථිකය ශක්තිමත් අයුරින් පවත්වා ගෙන යෑමට කටාර් රාජ්‍යයට හැකිවීම සෞදියේ සල්මාන් රජුගේ පවා පසැසුමට හේතුවක් වී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS