කටාර් විශ්ව විද්‍යාලයේ නව සැලැස්මක්



වසර 2018 සිට 2022 තෙක් කාලය සඳහා නව අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බව කටාර් විශ්ව විද්‍යාලය කියයි.

මේ බව අනාවරණය කළේ විශ්ව විද්‍යාල පීඨාධිපති ආචාර්ය හසාන් අල් දෙර්හාම් පසුගිය දා මාධ්‍ය හමුවක් සංවිධානය කළ අවස්ථාවේදීය.
විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ක්‍රමවේදය, සිසුන් මුහුණ දෙන ගැටලු, ප්‍රයෝගික පුහුණුවීම් ආදිය සම්බන්ධයෙන් මෙම නව අධ්‍යාපන ක්‍රමවේදයේදී අවධානය යොමු කෙරෙනු ඇතැයි ද අල් දෙර්හාම් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමා කරන සිසු සිසුවියන්, සමාජගත වීමේදී ඔවුන් ප්‍රයෝගික වශයෙන් ගැටලු රැසකට මුහුණ දෙන බවත්, එම ගැටලු සහ අභියෝග මඟ හරවා ගැනීමේ අරමුණ ඉතා වැදගත් බවත් පීඨාධිපති ආචාර්ය හසාන් අල් දෙර්හාම් වැඩි දුරටත් කියා සිටී.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS