කටාර් විදේශ ඇමැති ඉරානයේ නිල සංචාරයක



කටාර් විදේශ ඇමැති මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී ඉරානයේ තෙහෙරාන් අගනුවර නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය. කලාපීය කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම කටාර් විදේශ ඇමැතිවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව පැවැසෙයි.

මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී, කටාර් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද වෙයි. ඉරානයට පැමිණීමට පෙර, අල් තානී සහ ඉරාන විදේශ ඇමැති හොසේන් අමීරාබ්දුල්ලාහියන් අතරේ දුරකතන කතාබහක් ද පැවැත්විණි.

තෙහෙරාන් අගනුවර දී මුහුණට මුහුණ හමුවී අල් තානී සහ හොසේන් අමීරාබ්දුල්ලාහියන් විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මෙම මාසය මුලදී ඉරාන විදේශ ඇමැති හොසේන් අමීරාබ්දුල්ලාහියන් කටාර් රාජ්‍යයේ දෝහා නුවර නිල සංචාරයක යෙදුණු අතර එහිදී ද අල් තානි මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළේය.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පවතින අර්බුදයේ දී මැදහත්කරුවකු ලෙස ඒ ගැන සාකච්ඡා පැවැත්වීමට පවා කටාර් රාජ්‍යය පියවර ගත්තේය. කටාර් රාජ්‍යය ඇමෙරිකාව සමඟ ද ඉතා සමීප මිතුදම් පවත්වාගෙන යයි.

(රොයිටර්)


RECOMMEND POSTS