කටාර් වැසියන් නෑ



හජ් වන්දනාවට කටාර් වැසියන් සහභාගි නොවන බවත් ලක්ෂ හයකට ආසන්න බැතිමතුන් පිරිසක් සහභාගිවීමට නියමිතව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රාජකීය උපදේශක සහ මක්කම ආණ්ඩුකාර, කලීඩ් අල්-ෆයිසාල් කුමරු ප්‍රකාශ කළේය.

වන්දනාකරුවන් 558,505ගුවනින්ද, 4696 ගොඩබිමින්ද, 4258ක් මුහුදු මාර්ගයෙන් හජ් වන්දනාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඉන්දුනිසියානු ජාතිකයන් 103,000ද, ඉන්දියානුවන් 93,000ද, පකිස්තානු ජාතිකයන් 82,000ද,තුර්කි ජාතිකයන් 45,000ක් සහ ඉරාක ජාතිකයන් 12,000ක් පැමිණෙන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS