කටාර් වන්දනාකරුවන් ගැන බියක්



සෞදි රජයේ අවසරය පරදි, හජ් වන්දනාව සඳහා කටාර් යන තම වැසියන් කෙරෙහි බියක් හටගෙන ඇතැයි කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී කියයි.

සෞදිය දේශ සීමා විවෘත කරමින් තම වැසියන්ට මක්කම නුවර හජ් වන්දනාවට පැමිණෙන ඉඩ දුන්න ද කටාර් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්නා බව මෙතෙක් පවසා නැත. කටාර් විදේශ ඇමැතිවරයා බිය පළ කර ඇත්තේ මේ නිසා යැයි පුවත් සේවා වාර්තා කර තිබේ.

කටාර් විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ නෝර්වේ සංචාරයක් අතරතුරේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ‘සෞදිය සහ කටාරය අතර අර්බුය අවසන් නැහැ. හජ් වන්දනාවට අවසර ලබා දුන්නත්, සෞදි යන කටාර් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට සෞදි රජය පවසා නැහැ’ යැයි කටාර් විදේශ ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS