කටාර් රාජ්‍යයට සේවකයින් යැවීම නවතයි



කටාර් රාජ්‍යය සමඟ ගල්ෆ් කලාපයේ ඇති අනිකුත් රටවල් රාජ්‍යතාන්ත්‍රිය සම්බන්ධතාවයන් අත්හැරීමට තීරණය කීරීමෙන් පසු කටාර් රාජ්‍යය තුල සේවයේ යෙදී සිටි 200,000කට වඩා වැඩි පිලිපීන සේවකයන්ට අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීමට ඉඩ ඇති බැවින් ආරක්ෂිත පියවරක් ලෙස කටාර් රාජ්‍යයට සේවකයින් යැවීම පිලිපීන රාජ්‍යය අඟහරුවාදා සිට නතර කිරීමට තීරණය කල බව  පිලිපීන කම්කරු නායකයෙකු වන සිල්වෙස්ටර් බෙලෝ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

අදාල තීරණය ගැනීමත් සමගම සේවය කිරීම සඳහා කටාර් රාජ්‍යය බලා පිටත්ව යෑමට සිටි බොහෝ පිරිසකට අවස්ථාව අහිමි වී ඇති බව වාර්තා වේ.

“අපි දන්නවා කටාර් රාජ්‍යය තමන්ගේම ආහාර නිෂ්පාදනයක් සිදු කරන්නේ නෑ කියලා, ඒ වගේ ආහාර ප්‍රශ්නයක් ආවොත් අපේ මිනිස්සුන්ට දුක් විඳින්න වෙනවා.’’ කම්කරු නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කටාර් රාජ්‍යයේ සිටින පිලිපීන ජාතිකයින්ට යම් ගැටළුකාරි තත්ත්වයකට මුහුණ දීමට සිදු වී ඇත්නම් එම පුද්ගලයින් වෙනුවෙන් අවශ්‍ය පියවරයන් ගැනීම සඳහා පිලිපීන රජය ඉදිරිපත් වී සිටින බව වාර්තා වේ.

විදේශ රටවල සේවය කරන සහ ස්ථිරව පදිංචිකරුවන් වශයෙන් සිටින පිලිපීන ජාතිකයින්ගේ සංඛ්‍යාව මිලියන 10කට අධික වන බව වාර්තා වන අතර ඔවුන් ගෝලීය ඩයස්පෝරාවේ කොටසක් වශයෙන්ද කටයුතු කරමින් පිලිපීන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන ගණනින් මුදල් එවනු ලබයි. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS