කටාර් රාජ්‍යය දෙහි කපයි



යේමන අර්බුදයේදී, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය යේමනයේ අල් කයිඩා ත‍්‍රස්තවාදීන් සමඟ එක් වී කටයුතු කරනවා යැයි ඇමෙරිකාවේ කටාර් තානාපති චෝදනා කරයි.

කටාර් තානාපති ෂෙයික් මෙෂාල් බින් හමාද් අල් තානී මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමිණි.

අල් කයිඩා ත‍්‍රස්තවාදීන් යේමන අර්බුදයට සම්බන්ධ වීමත්, සෞදිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඔවුන් හවුල් කර ගැනීමත් හරහා මැදපෙරදිග කලාපයේ සාමයට බාධාවක් එල්ල වන බව ද ඇමෙරිකාවේ කටාර් තානාපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කරයි.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS