කටාර් පාලකයා සෞදි රජු හමුවෙයි



සෞදි අරාබි රජු, සල්මන් බින් අබ්දුල් අසීස් අල්-සවුද් පසුගිය දා ජෙඩා හි පිහිටි අල්-සලාම් රාජකීය මාළිගයේ දී කටාර් අමීර්, ෂයික් තමීම් බින් හමාඩ් අල්-තානි හමුවිය.

නායකයන් දෙදෙනා දෙරට අතර පවතින ශක්තිමත්, දැඩි සහෝදරාත්මක සබඳතාවයන් පිළිබඳව සහ එම සබඳතාවයන් වර්ධනය කරගන්නා ආකාරය මෙන්ම ශක්තිමත් කර ගන්නා ආකාරය පිළිබඳව සමාලෝචනයකයෙදුණු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ  අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහොමඩ් බින් නයෙෆ් බින් අබ්දුල්-අසීස් අල් සවුද්, නියෝජ්‍ය ඔටුන්න හිමි කුමරු, දෙවන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක ඇමති, මොහොමඩ් බින් සල්මන් බින් අබ්දුල් අසීස් අල්-සවුද් සහඅමාත්‍යවරුන් මෙම අවස්ථාවට සහභාගි විය.

සෞදි රජතුමා කටාර් නායකයා සමග පැමිණි දූත පිරිසක් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් දපවත්වන ලදී.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS