කටාර් ප්‍රතිපත්ති කාගේත් පැසැසුමට



කටාර් එමීර් ෂීක් තමීම් බින් හමාද් අල් තානි එරට උපදේශක කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට සහභාගි විය.

කවුන්සිල පරිශ්‍රයේ පැවැති සැසිය සහභාගී වූ එමීර්වරයා සභාව අමතමින් සියලු දෙනාට සුබ පැතුම් ද එක් කළේය. එහිදි සැසිවාරය අමතමින් කටාර් එමීර් ෂීක් තමීම් බින් හමාද් අල් තානි මෙසේ පැවැසීය.

“කවුන්සිලය පසුගිය ධුර කාලයේදී කාර්යභාරයට, නව සාමාජික සාමාජිකාවන්ට, සහෝදර සහෝදරියන්ට රට වෙනුවෙන් කළ කාර්යභාරය වෙනුවෙන් සුබපැතුම් එකතු කරන්නට කැමැතියි. රටේ ඉදිරි වසර, අනාගත සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන සහ ජාතික ඉලක්ක සහ අරමුණු ළඟා කරගැනීම සහ අප කරන කටයුතු සම්බන්ධයෙන් ඇගයීමක් අපේ මෙම වාර්ෂික හමුවේදී සිදු කරනු ලබනවා.

ඔබ සියලු දෙනා පසුගිය කාලයේදී කටාර් රාජ්‍යය අසාධාරණ ලෙස සීමා කරනු ලැබුවා. අපේ දීර්ඝ කාලීන මිතුරන් පමණක් නොව සතුරන් ද සෑම ස්ථාපිත අගනාකම් වටිනාකම් සියල්ල කඩ කරනු ලැබුවා. ඔවුන් සියලු දෙනා කටයුතු කළ ආකාරය අගනාකම් වටිනාකම් කඩකිරීමට සාක්ෂියක්. ඇතැම් කටයුතු සහ හැසිරීම් හුදෙක් වාග්ලංකාර පමණයි. එමෙන්ම සාකච්ඡා කිරීම, එකඟවීම හෝ විසඳුම් සෙවීම හෝ යන කිසිවක් ඔවුන්ගේ අරමුණු නොවූ බව පැහැදිලියි.

ඔවුන්ගේ එම ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල මොනවාදැයි පැහැදිලි කිරීමට මා කාලය වැය කරන්නේ නැහැ. එය සෑම සමාජ එකතුවකදීම කතාබහට ලක්වුණා. විශේෂයෙන්ම අපට සීමා පැනවූ කිසිදු රටකට ලැබුණු කිසිදු දෙයක් නැහැ. එහෙත් එම රටවල් අගනාකම්, වටිනාකම්, සම්ප්‍රදායන්, ලේ නෑකම්, මිත්‍රකම්, පෞද්ගලික දේපළ සහ ලැදියාවන් අනතුරු හෙළුවා. ඒ වගේම ඔවුන් එකිනෙකාට දොස් කීම, නින්දා කිරීම උලුප්පා දැක්වීමට කටයුතු කළා. එමෙන්ම ඔවුන්ගේ ක්‍රියාව ගෝලීය පොදු මතවාදය තුළ, ගල්ෆ් සහ අරාබි කලාප තුළ පිළිකුළට ලක්වුණා.

ඔවුන් සියලු දෙනා කටාර් රාජ්‍යයට සීමා පැනවූයේ කටාර් රාජ්‍ය පුවත් සේවයට අනවසරයෙන් පිවිසීමේ පටන්. ඔවුන් කටයුතු කළේ සත්‍ය තොරතුරු මත නෙමෙයි. ඔවුන් කටයුතු කළේ නිර්මාණය කරන ලද පුවත් හා තොරතුරු මතයි. ඔවුන්ගේ ව්‍යාපාර රැඳී පැවතුණේ අසත්‍ය මතයි. එයින් රිදවීම් ඇතිවූයේ ඔවුන්ටමයි.

කටාර් රාජ්‍ය කටයුතු කරන්නේ ස්වයං හික්මීම, ස්වයං සංවරය, මැදිහත් අදහස් හා ප්‍රතිචාර යන ප්‍රතිපත්ති මත පිහිටා බව ඔබ දන්නවා. අපි සියලු අඩදබර හා අවකල් ක්‍රියාවලට එරෙහිව නැගී සිටියා. අපේ අපේ අගනාකම් හා වටිනාකම්වලට ගරු කරනවා. ඒ වගේම අපි සෑම අවස්ථාවකදීම ගල්ෆ් කලාපයේ ජනතාව සමඟ මිත්‍රත්වයෙන් සහ සහෝදරත්වයෙන් කටයුතු කරනවා. ගල්ෆ් කලාපයේ ජනතාව එක කුස උපන් සහෝදරයන් ලෙස සලකා කටයුතු කිරීමට අපි සෑම විටම උත්සුක වෙනවා. කටාර් රාජ්‍යයේ දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය මුළු ලෝකයේම ගෞරවයට පාත්‍ර වී තිබෙනවා” යැයි එමීර්වරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

(හර්ෂණ තුෂාර)

ද පෙනින්සියුලා


RECOMMEND POSTS