කටාර් තැපෑල නව මුහුණුවරකින්



කටාර් අගමැති මෙන්ම අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙස ද කටයුතු කරන ෂෙයික් අබ්දුල්ලා බින් නසාර්ගේ ප්‍රධානත්වයෙන් කටාර් තැපෑලට නව මුහුණුවරක් එක් වී ඇත.

කටාර් තැපෑල වඩාත් කාර්යක්ෂම කිරීමේත්, ප්‍රචලිත කිරීමේත් අරමුණින් මෙම නව මුහුණුවර ලබා දීමට පියවර ගත්තේ යැයි දෝහාහි ෂෙරටොන් හෝටලයේ පැවැති උත්සවයේදී ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් පෙන්වා දුන්නේය. කටාර් තැපැල් සේවයේ නව ‘සන්නාමය’ (ලෝගෝ) හඳුන්වා දීමෙන් උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණි.

කටාර් තැපැල් සේවයට නව මුහුණුවරක් එක් කිරීමට කටාර් සන්නිවේදන ඇමැති ජසීම් සයිෆ් අහ්මද් අල් සුල්තායි සහ කටාර් තැපැල්පති ෆාලේ අල් නෙයිමේගේ සංකල්පයකට අනුව තැපැල් සේවය මෙසේ නවීකරණය වුණු බව ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් පැහැදිලි කර තිබේ.
නව ආකාරයකින් එළිදකින කටාර් තැපෑල වෙනුවෙන් ප්‍රචාරක වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත. රූපවාහිනී දැන්වීම් පෙළක් ද ඊට අයත් වෙයි.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS