කටාර් ජාතිකයන් හජ් වන්දනාවට සෞදි එයි



හජ් ආගමික වතාවත් ඉටුකිරීම සඳහා කටාර් වන්දනාකරුවන්ගේ පළමු කණ්ඩායමසෞදි අරාබියට පැමිණ ඇති බව වාර්තා වේ.

කටාර් ජාතිකයන්ටරෝස මල් ලබා දී ඉතා උණුසුම් ආකාරයෙන් ජෙඩ්ඩා නුවර අබ්දුල්ලාසිස් රජු අන්තර්ජාතික ගුවන්තොටුපොලේදී පිළිගෙන ඇත.  

කටාර් ජාතිකයන්ට හජ් ආගමික වතාවත් ඉටුකරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස දෝහා බලධාරීන්ගෙන්සෞදි හජ් සහ උම්රා අමාත්‍යාංශය මීට පෙර ඉල්ලීමක් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS