කටාර් ගෘහ සේවිකාවන්ට අතවර



කටාර් රාජ්‍යයේ සේවය කරන විදේශීය ගෘහ සේවිකාවන්ට අතවර සිදුවන බවට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය නිවේදනය කරනවා.

ගෘහ සේවිකාවන් 150ක් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් පදනම් කරගනිමින් අදාල තොරතුරු හෙළි කිරීමට එම ආයතනය කටයුතු කර ඇත.

කොරෝනා වංගතය හේතුවෙන් දැඩි සේවා කොන්දේසිවලට යටත්ව සේවය සිදුකිරීමට ගෘහ සේවිකාවන්ට සිදු වී ඇති බව වාර්තා වේ.

තමන්ට දිනක නිවාඩුව කිසිසේත් නොලැබෙන බවත්, විදේශ ගමන් බලපත්‍රය හාම්පුතා විසින් රඳවා ගෙන සිටින බව ගෘහ සේවිකාවන්ගෙන් 85% කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රකාශ කළ බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

තම මාසික වැටුප ප්‍රමාද වී ලැබෙන බවත්, සමහර අවස්ථාවන්වලදී නොලැබෙන බව සම්මුඛ සාකච්ඡාවේදි ගෘහ සේවිකාවන් ප්‍රකාශ කර ඇත.

විදේශීය කාන්තාවන් 173,000 කට වැඩි පිරිසක් ගෘහ සේවිකාවන් ලෙස කටාර් රාජ්‍යයේ සේවය කරති.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, දෝහා නුවර)

RECOMMEND POSTS