කටාර් ගුවන්තොටුපොළේ වයිරස බියක් පැතිරේ



‘කොවිඞ් 19’ වයිරසය පැතිරීමේ බියක් හට ගැනීම හේතුවෙන් කටාර් හි හමාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නිලධාරීන් ඇතුළු සේවක සේවිකාවන් සියයට 40 කින් අඩු කර ඇතැයි වාර්තා වේ.

ගුවන්තොටුපොළේ ක්‍රියාත්මක වන්නේ අත්‍යාවශ්‍ය සේවා පමණය. නිලධාරීන් බොහෝ දෙනකු නිවෙස්වලට වී නිවසේ සිට රැකියා කටයුතු කිරීමට ඉඩ දී ඇති බව පැවැසෙයි.

වයිරස බිය පැතිර ගොස් ඇත්තේ ගුවන්තොටුපොළ සේවකයන් කිහිප දෙනකු වයිරස ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසුව යැයි කටාර් පුවත් සේවා වාර්තා කර ඇත.

දෝහාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS