කටාර් ගුවන් සේවයෙන් ලොව දිගම ගුවන් ගමන !




කටාර් ගුවන් සේවය විසින් ලෝකයේ දීර්ඝතම ගුවන් ගමනාන්තය ලෙස කටාරයේ දෝහා සිට නවසීලන්තයේ ඕක්ලන්ඩ් වෙත නව ගුවන් ගමනාන්තයක් ආරම්භ කරන ලදී.

පෙරේදා (07) සිට නිල වශයෙන් ඇරඹි මෙම නව ගුවන් ගමනාන්තය සඳහා පැය 16 කුත් විනාඩි 20 ක් ගත වන අතර  ගුවන් සැතපුම් 9032 ක් දුරක් ගමන් කිරීමද විශේෂත්වයකි.

කටාර් ගුවන්සේවයේ බෝයිං 777-20 LR වර්ගයට අයත් මෙම ගුවන් යානය දෝහා සිටි ඩුබායි,උතුරු ඕමානය ,දකුණු ඉන්දියාව , ශ්‍රී ලංකාව හරහා ඕස්ට්‍රේලියා මහාද්වීපය වෙත පිවිස  ගුවන් මෙහෙයුම් සිදු  කෙරෙන බවද සඳහන්ය.  

මෙම දීර්ඝතම ගුවන් ගමනාන්තය සඳහා සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට් පතක් ඇමෙරිකානු ඩොලර් 1265 ක්ද , ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පතක් ඇමෙරිකානු ඩොලර් 4500ක් ද වන බව පැවසේ.

මීට පෙර දීර්ඝතම ගුවන් ගමනාන්තය වශයෙන්  එමිරේට්ස් ගුවන් සේවය විසින් එයාර්බස් A380ට වර්ග අයත් ඩුබායි සිට ඕක්ලන්ඩ් වෙත සිදු කළ ගුවන් ගමනාන්තයයි.ඒ සඳහා ගුවන් සැතපුම් 8824 ගතවී තිබිණි.

මේ අතර  සිංගප්පූරු ගුවන්සේවය ද ලබන 2018 වසරේදී ලොව දිගුම ගුවන් ගමනාන්නතය  ලෙස ගුවන් සැතපුම් 9529 ක් ගෙවා දමමින් සිංගප්පූරැවේ සිට නිව්යෝර්ක් දක්වා නව ගුවන් ගමනාන්තයක් ඇරඹීම සැලසුම් කර තිබේ.එය කටාර් ගුවන් සේවය විසින් ඇරඹූ දෝහා- ඕක්ලන්ඩ් ගුවන් ගමනට වඩා ගුවන් සැතපුම් 497 ක වැඩි වීමකි.

 

( තිළිණි ද සිල්වා )
පකිස්ථාන් ටුඩේ ඇසුරෙනි.....

 


RECOMMEND POSTS