කටාර් ගුවන් යානාවලට බාධාවක් නෑ



ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධකවලින් කටාර් ගුවව් සේවයට කිසිදු බාධාවක් එල්ල වන්නේ නැතැයි එම ගුවන් සමාගමේ ප්‍රධානී අක්බාර් අල් බකේර් කියයි.

කටාර් ගුවන් සමාගමේ ප්‍රධානියා මේ බව කියා සිටියේ කටාර් රාජ්‍යයේ දෝහා හි පැවැති ව්‍යාපාරික සමුළුවක් අමතමිනි.
ඉරානයේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහනට විරෝධය පළ කරමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවීමක් කර තිබේ.

සම්බාධක පැනැවීමේ අරමුණ වී ඇත්තේ ඉරානය ආර්ථිකමය වශයෙන් දුර්වල කිරීමටය.

‘ඇමෙරිකා සම්බාධකවලින් ගුවන් සේවාවලට බලපෑම් එල්ල වන්නේ නැහැ. අපේ කටාර් ගුවන් යානා දිගටම ඉරානයට යනවා එනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ’ යැයි ගුවන් සේවයේ ප්‍රධානී අක්බාර් අල් බකේර් පෙන්වා දුන්නේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS