කටාර් එමීර්ගෙන් චෝදනා



සිය රට වෙත සීමා පනවමින් තම ආණ්ඩුව පෙරලීමට සෞදි අරාබිය සහ එහි මිත්‍ර රටවල් උත්සාහ කළ බවට කටාර් රාජ්‍යයේ එමීර්වර්යා චෝදනා කර සිටී

ඇමරිකානු සීබීඑස් රෑපවාහිනි නාලිකාව  වැඩසටහනක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින් ෂේක් තමීම් බින් හමාද් අල්-තානි කටාර් එමීර් මේ බව කියා සිටියේය.විනාඩි හැටක් පුරා පැවති මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූයේ චාලි රෝස් විසිනි.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වු එමීර්වරයා කියා සිටියේ කටාර්හි ස්වාධීනත්වය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම සෞදි අරාබියට තර්ජනයක් වී ඇති බවය.

සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් ඉල්ලා සිටින පරිදි සිය රටට අයත් අල් ජසීරා මාධ්‍ය ජාලය වසා නොදමන බව කටාර් එමීර්වර්යා එහිදී යළි යළිත් අවධාරණය කළේය.

ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් ඉහත කී රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අතිහිටුවීමට පසුගිය ජුනි 05 වෙනිදා කටයුතු කළහ.

කටාර් රාජ්‍යය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS