කටාර් එමීර් සංගප්පූරුවේ



කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, සිංගප්පූරුවේ නිල සංචාරයකට පැමිණ සිටී.

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි කටාර් එමීර් අල් තානී ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට සිංගප්පූරු බලධාරීහු කටයුතු කළහ.

චැංගි ගුවන්තොටුපොළට පැමිණි එමීර්වරයා පිළිගනු ලැබුවේ සිංගප්පූරුවේ නියෝජ්‍ය අගමැති ටියෝ චේ හාන් විසිනි. එම අවස්ථාවට සිංගප්පූරුවේ කටාර් තානාපති අබ්දුල්ලා බින් ඊබ්‍රහීම් ඇතුළු තානාපති කාර්ය මණ්ඩල නිලධාරීහු රැසක් ද පැමිණ සිටියහ.

වෙළෙඳ ආයෝජන සම්බන්ධයෙන් කටාර් එමීර්වරයා සහ සිංගප්පූරු බලධාරීන් අතරේ සාකච්ඡා පැවැත්වුණු බව ද වාර්තා වේ.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS