කටාර් එමීර් තානාපතිවරුන් හමුවෙයි



කටාර් එමීර් තමීම් බින් හමාද් අල් තානී පසුගිය දා එරට බෙල්ජියම් තානාපති බාට් දෙ ගූෆ්, ලයිබීරියා තානාපති ජෝන් බැලොට් සහ තජිකිස්තාන තානාපති හිස්රාව් ෂොයිබ්දෝඩා හමුවී ගැටලු සහ අර්බුද රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

කටාර් වැසියන්ගේ සමෘද්ධිය වෙනුවෙන් කටාර් එමීර්වරයා කැපවී කරණ මෙහෙවර විදෙස් තානාපතිවරුන් සැමගේ පැසැසුමට ලක් වුණු බව ද පැවැසෙයි.

කටාර් රාජ්‍යය මුල්කොට ගනිමින්, ගල්ෆ් කලාපයේ අර්බුදයක් නිර්මාණය වී ඇත. සවුදි අරාබිය, බහරේන් රාජ්‍යය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව කටාර් රාජ්‍යය සමඟ සියලු සබඳතා අත්හැර දමා දින 120 කට වඩා වැඩි කාලයක් ගත වී ඇත.

සම්බාධක මැද කටාර් වැසියන්ට කිසිදු අඩුපාඩුක් නොවන අයුරින් රටේ දෛනික කටයුතු ඉදිරියට කරගෙන යෑමට කටාර් එමීර්වරයාට හැකිවීම සම්බන්ධයෙන් ද තානාපතිවරුන්ගේ පැසැසුම් හිමිවුණු බව ද කටාර් පුවත් සේවා වාර්තා කරයි.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS